percy jackson and lightening Thief
පර්සිජැක්සන් සහ අසනි සොර දෙටුවා
ඔන්න ඉතිං අදත් ආවා ලස්සනම ලස්සන පොතක් ගැන පොඩිම පොඩි විස්තරයක් අරගෙන.රික් රියෝර්ඩන් ගේ percy jackson and lightening Thief කියන පොතේ සිංහල පරිවර්තනය ගැන තමා මේ පුංචි විස්තරය.උපදෙවියෙක් වූ පර්සි ගේ ජීවිතය අලුත් පිටුවකට පෙරලන කතා මාලාව රැගත් පොතයි මේ.ලොකු පොඩි කාගේත් සිත් ඇද බැද ගන්නා ලෙස පාඨකයාට ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය එක දිගට කියවගෙන යන්න පුලුවන් පොතක් කියලා තමා මට නම් කියන්න තියෙන්නේ.බලන්නකෝ ඔන්න පහතින් පොඩි උපුටා ගැනීමක් තියෙනවා පොතේ ,,,,,,,,,,,,,,
" මෙහෙමයි,ඔය චාරිකා වලදී මට හරියට නරක දේවල් සිද්ද වෙනවා.හරියට පහ වසරෙදී අපි සරටෝගා යුද පිටිය බලන්න ගිය වතාවේ වගේ.එතන තිබුනු තඩි කාල තුවක්කුවක් එක්ක මට හරි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.ඇත්තටම කිව්වොත් මං ඒක කීයටවත් ඉස්කෝලේ බස් එකට නම් ඉලක්ක කලේ නෑ.
ඒත් ඉතිං මාව ඉස්කෝලෙන් අස් කරා.ඊට කලින් හතර වසරෙදී ,මෝර තඩාගයක් බලන්න ගිය වෙලාවෙත් එහෙමමයි.මගෙ අතින් වැරදිලා ලීවරයක් එහාට මෙහාට වෙලා අපේ පංතියටම හදිසි පිහිනුම් පුහුණු වීමක් ලබා ගන්න සිදු වුණා....ඊට කලින් පාර,දැන් ඉතිං ඔයාට අදහසක් එන්න ඇතිනේ ඒ ගැන ."
උපුටා ගැනීම =පර්සි ජැක්සන් සහ ඔලිම්පියානුවෝ
අසනි සොරදෙටුවා .
By RICK RIORDAN
පරිවර්තනය = අමාලී අනූපමා මල්ලවආරච්චි
පිටු 477
ප්‍රකාශනය =අදීනා ප්‍රකාශන

Comments
Post a Comment