සොඳුරු සිතුවම්
ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ඨ කෙටිකතා 2
ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ටතම කෙටිකතා එකතුවෙහි දෙවැනි කතුවයි මේ.පළමු පොත මෙන්ම මෙම පොතේද ඉතා වටිනා කෙටිකතා ප්‍රමානයක් අන්තර්ගත වන අතර ළමා වැඩිහිටි අප සැමට පරිශීලනය කල හැකි පොතකි.
- ලියෝ තෝල්ස්තෝයි = ඉටිපන්දම
- පුෂ්කින් = ඉස්කෝප්ප රැජින
- දොස්තයෙවුස්කි = අවංක හොරා
- මක්සිම්ගෝකි = ද්‍රෝහියෙකුගේ මව
- ඇන්ටන් චෙකෝව් = දුෂෙච්කා
- මුල්ක් රාජ් ආනන්ද් = රත්තරන් ඔරලෝසුව
- ප්‍රේම්චාන්ද් = අවමංගල වස්ත්‍රය
- රබීන්ද්‍රනාත් තාගෝර් = ඇටසැකිල්ල
- ඇල්බෙයා කැමූ = අමුත්තා
- ගී ද මෝපසාං = අත
- මාරි කොරලි = කානේෂන් කුමරිය
- සාකී = විවෘත ජනේලය
- සමසෙට් මෝම් = ලෙඩා දුකා
- අකුගතව = අපායේ දොරටුව
- ඕ.හෙන්රි = රූකඩ
- රිං ලාඩ්නර් = හිත හොද මිනිහෙක්
- තාරාශංකර් = සංගීත ශාලිකා
- w.w ජෙකෝබ්ස් = වදුරු ගාතය
- ස්ටෙෆාන් ස්වයිග් = සොදුරු සිතුවම්
- ජෝන් කොලියර් = නත්තලට ගෙදර
පොත ගැන යම් අදහසක් ගන පුලුවන් විදිහට ස්ටෙෆාන් ස්වයිග් ගේ සොදුරු සිතුවම් කෙටි කතාවෙහි උපුටා දැක්වීමක් පහතින් ,
" ඒ කොහොම වුනත්, බලන්න වටින යමක් ඔබට පෙන්වන්න මට හැකි වේවි.ඒ දේවල් ඔබට බර්ලීනයේවත් ,වියානාවේ ඇල්බට් කෞතුකාගාරයේවත් දකින්නට ලැබෙන එකක් නැහැ.මං හිතන්නේ නැහැ ලූවර් කෞතුකාගාරයේවත් ,(පැරීසියේ තිබෙන දෙවියන්ගේ ශාපය!)මේවා දකින්නට ලැබේවී කියලා.මං අවුරුදු පනහක් තිස්සේ ,බොහෝම කැපවීමෙන් කලකෘති එකතු කරපු කෙනෙක්.ඒ කටයුත්තේ මං යෙදුනේ හොද අවබෝදයක් ඇතිව.එහෙම කෙනෙක් මිලට ගන්නේ නැහැ ඔය,පාරතොටේ ,හන්දි වල තියාගෙන විකුනන කබල් චිත්‍ර. මා ලග තියෙන්නේ ඉතාමත්ම වටිනා සිතුවම් කිව්වොත් නිවැරදී.ලිස්බත් කරුනාකරලා මට මගේ අලමාරියේ යතූර දෙන්න "
පරිවර්තනය = චන්දන මෙන්ඩිස්
ප්‍රකාශනය = චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
පිටු = 336

Comments
Post a Comment