ගිනි දියණී 
                             Burned Alive 
                       


             ඔයාලට මම අද කියන්න යන පොත නම් ටිකක් ලොකු ඛේදවාචකයක්.අපේ රටෙන් ටිකක් ඈතට වෙන්න තියෙන පලස්තීනය කියන රටේ සිදු වුන සත්‍ය කතාවක්.කියවලාම බලන්න නම් වෙයි.මොකද අවුරුදු 17ක ගැහැනු ළමයකු ගැබ් ගැනීමක් නිසා Honor killing  නම් වූ ඔවුනගේ ප්‍රතිපත්තියක් නිසා පණ පිටින් ගිනි තැබීමකට ලක්වූ අහිංසකාවියකගේ කදුලු කතාවක්.පොතෙන් පුංචි උපුටා ගැනීමකුත් ඔන්න පහලින් මම ඔබට ගෙනාවා.

          " මගේ ගමේ මිනිස්සුන්ට කිව්වොත් ගෑනු ළමයෙක්ගෙයි ,එළදෙනෙකුගෙයි අතරින් කෙනෙක් තෝරගන්න කියලා,කිසිම සැකයක් නැතුව එයාලා තෝරාගන්නේ එළදෙන.මගේ තාත්තා අනන්ත වාරයක් කියලා ඇති කෙල්ලෝ කියන්නේ කිසිම වැදගැම්මකට නැති ජාතියක් කියලා ,එළදෙනකගෙන් කිරි හම්බවෙනව,පැටව් හම්බවෙනවා,එතකොට එයාලට එයාලව විකුණන්නත් පුලුවන් .විකුනලා සල්ලි හොයන්නත් පුලුවන්.ඒත් කෙල්ලෙකුගෙන් මොනවද පවුලකට ලැබෙන්නේ? මොකුත් නෑ .බැටළුවන්ගෙන් පවුලට මස් හැම්බවෙනවා,වූල් හම්බවෙනවා,තාත්තා ඒවා විකුණලා සල්ලි ගන්නවා.බැටළුවෝ පැටවු දානවා.උනුත් කිරි,වූල්,නස් දෙනවා.පවුලට වැඩි වැඩියෙන් සල්ලි හම්බවෙනවා ඒ නිසා.එළදෙනක් සහ කෙල්ලෙක් ගත්තොත් පවුලට වඩා වටින්නේ එළදෙන.ඒ නිසාම අපි දැනගෙන හිටියා අපිට තඩි බෑවත් සතුන්ට එහෙම නොගහන බව."


                                        උපුටා ගැනීම =   ගිනිදියණි
                                        පරිවර්තනය =   දිලීප ජයකොඩි
                                         Mavie Therese cuny
                                        -BURNED ALIVE
                                         පිටු =           257

                                          ප්‍රකාශනය=ෆාස්ට් පබ්ලිෂන් 

Comments

Post a Comment

Popular posts from this blog